LG LTE අන්ලිමිටඩ් 10.3GB+

QQ010 සුවිශේෂී මිල පැකේජ්!

  • LG SugarM
  • 4G LTE
  • අන්ලිමිටඩ්
  • මන්වොන් 2 සීමාවේ අන්ලිමිටඩ් පැකේජ්
  • මාසික ₩38,300
  • මාසික ₩29,900
consulting

[සිම් කාඩ් ලියාපදිංචියට අවශ්‍ය තොරතුරු]

1.තමාගේ හැඳුනුම්පත (කොරියානු හැඳුනුම්පත / ගුවන් ගමන් බලපත්‍රය)

2. සිම් පත ලබාගත යුතු ලිපිනය
කොරියන් බසින් ඇති ලිපිනයේ ඡායාරූපයක් අප්ලෝඩ් කළ හැක)

3. තැපැල් කිරීම් සහ ලියාපදිංචි කිරීම් සඳහා වලංගු දුරකථන අංකයක් 4. භාවිතා කරන අංකයම වෙනත් පැකේජයකට හෝ වෙනත් සමාගමකට මාරු කිරීමේදී
+ භාවිතා කරන සමාගම (SK/KT/LG/අල්තල් ෆෝන් (දුරකථන සමාගම තෝරන්න)
+ 114 අංකයට කතා කර දුරකථන සමාගම තහවුරු කරගැනීම
+ සත්‍යාපනය කිරීමේ ක්‍රමය
(සිම් කාඩ් පතේ හෝ දුරකථනයේ සීරියල් අංකයේ අවසාන අංක 4 (일련번호 ) /zero payment/ 지로납부)

වෙනත් සමාගම්වලට ගෙවිය යුතු හිඟ මුදල් තිබේ නම් හෝ එවැනි ඉතිහාසයක් තිබේ නම්, ඔබට දුරකථන සමාගමේ ප්‍රතිපත්තිවලට අනුව සිම් කාඩ් ලියාපදිංචියට සීමා ඇති විය හැකියි.
(හිඟ මුදල් සියල්ල ගෙවා අවසන් කරන්නේ නම්, සිම් කාඩ් පත් ලියාපදිංචියට කිසිදු බාධාවක් නොමැත.)
වෙනත් සමාගමකට හිඟ මුදල් ගෙවීමට ඇති විට වුවත් ඔබට පෙරගෙවුම් සිම් (කාඩ් සිම්) සඳහා ලියාපදිංචි විය හැකියි. හිඟ මුදල් ඇති අංකයක් වෙනත් සමාගමකට මාරු කිරීම සඳහා ලියාපදිංචි විය නොහැක.
අයදුම්කාර පාරිභෝගිකයාගේ නමින් ණය සමාගමක් වැනි තෙවන පාර්ශවයකට ජංගම දුරකථනයක් ලියාපදිංචි කිරීම හෝ එසේ කිරීමට අවශ්‍ය ලියවිලි ලබා දෙන්නේ නම්, එමඟින් බරපතල හානියක් සිදුවිය හැකිය.
කෙටි කාලයක් තුළ විවිධ වෙනස්වීම් නැවත නැවත සිදුවීම වැනි වංචනික ක්‍රියා සිදු වේ නම්, භාවිතයට සීමා පැනවිය හැකිය.

ලියාපදිංචියේදී පරීක්ෂා කළ යුතු කරුණු

1. පැකේජයට සපයා ඇති ඇමතුම් සහ SMS කොරියාව තුළ පමණක් වලංගු වන අතර, අවසන් නොවූ ඉතිරි මුදල ඊළඟ මාසයට රැගෙන යනු නොලැබේ.
► අන්ලිමිටඩ් නිවාස/ජංගම ඇමතුම්: රැහැන් රහිත අංක (010,011,016,017,018,019), රැහැන් ගත අංක (02,03X,04X,05X,06X), අන්තර්ජාල දුරකථන අංක (070) කොරියාව තුළ ඇමතුම්
► අමතර ඇමතුම්: කොරියාව තුළ ක්ෂණික දුරකථන අංක (15XX, 16XX), පෞද්ගලික අංක (050X), පොදු සංඛ්‍යාත සන්නිවේදන අංක (013) ආදිය.
► Sugarmobile ජාත්‍යන්තර ඇමතුම් ගාස්තු සහ භාවිත කරන කාලය පිළිබඳ තොරතුරු
: ජාත්‍යන්තර ඇමතුම් පිටුව බලන්න (https://www.sugarmobile.co.kr/home/inter/sub01.php)

2. ඉතිරි මුදල දැනුම්දීම් 50%, 80%, සහ 100% අවසන් වූ විට SMS මඟින් යවනු ලැබේ.
3. තොරතුරු භාවිත ගාස්තු, සුළු ගෙවීම්, ආදිය වෙන් වෙන්ව අය කෙරේ.
4. ස්පෑම්, වාණිජමය භාවිතය සහ අධික භාවිතය වැළැක්වීම සඳහා, පහත සඳහන් අවස්ථාවලදී සාමාන්‍ය ගාස්තු අය කිරීමට හෝ භාවිතය අත්හිටුවීමට හැකිය.
► දිනකට මිනිත්තු 600 ඉක්මවන හඬ ඇමතුම් සංඛ්‍යාව මසකට 3 වතාවකට වඩා වැඩි වූ විට (වීඩියෝ ඇමතුම්, හඬ ඇමතුම් ප්‍රමාණයෙන් 1.66 ගුණයට ගණනය කෙරේ)
► හඬ ඇමතුම් පරිමාව මසකට මිනිත්තු 6,000 ඉක්මවන්නේ නම් (වීඩියෝ ඇමතුම්, හඬ ඇමතුම් ප්‍රමාණයෙන් 1.66 ගුණයට ගණනය කෙරේ)
► හඬ/වීඩියෝ ඇමතුම් ලබන ගණන මසකට දුරකථන රේඛා (මුළු) 1,000 ඉක්මවන විට
► SMS භාවිතය දිනකට 150 සහ මසකට 10 වරක් ඉක්මවන්නේ නම්
► දිනකට SMS භාවිත සංඛ්‍යාව 500 ඉක්මවන්නේ නම්
► SMS ලබන්නන් සංඛ්‍යාව මසකට 2,000 ඉක්මවන්නේ නම්
► ස්පෑම්, වාණිජමය භාවිතය, අධික ලෙස භාවිතා කිරීම යනාදිය නැවත නැවත සිදු වුවහොත්
►වෙනත් නියමයන් සහ කොන්දේසි උල්ලංඝණය කිරීමේදී (භෞතික උපකරණ හරහා යැවීම, තෙවන පාර්ශවයකට කුලියට දීම, ආදිය)

[පැකේජ වෙනස් කිරීම සහ අවලංගු කිරීම]
1. මාසික ගාස්තු පැකේජයකට ලියාපදිංචි කිරීමකදී /අවලංගු කිරීමකදී /වෙනස් කිරීමකදී, එම දිනයේ සිට වෙනස්කම් යොදනු ලබන අතර, මූලික මුදල ගණනය කර දෛනික පදනමින් යොදනු ලැබේ.
(කෙසේ වෙතත්, වෙනස් කළ දින සිට මාස 1ක් ඇතුළත නැවත වෙනස් කිරීමට නොහැකියි.)
2. පාරිභෝගිකයා මාසික ගාස්තු පැකේජයේ වර්ගය අනුව සමාගමෙන් ප්‍රතිලාභ ලබා ගන්නේ නම්, කොන්ත්‍රාත් කාල සීමාව තුළ පාරිභෝගිකයා මුලින් තෝරාගත් පැකේජය වෙනස් කරන්නේ නම්, ප්‍රතිලාභයේ විෂය පථය තුළ වෙනස් කිරීම සඳහා සමාගමට ගාස්තුවක් අය කළ හැකිය.< br> 3. දායක වූ මාසයේ සිට මාස 3 තුළ මිනිත්තු 10 කට අඩු හඬ ඇමතුම් සහ 50MB ට අඩු ඩේටා භාවිතා කරන අංක අත්හිටුවීමට හෝ නිල බලයෙන් අවසන් කිරීමට හැකිය.

[නව ලියාපදිංචිය]

- අලුත් අංකයක් සඳහා ලියාපදිංචි වූ විට, එය 010 අංකයකින් ලැබෙන අතර, ඔබට අවශ්‍ය අංකයේ අවසාන ඉලක්කම් 4 තෝරාගැනීමට අවථාව ලැබේ.
- වෙනත් විදුලි සංදේශ සමාගම්වලට හිඟ මුදල් ගෙවීමට ඇති පාරිභෝගිකයින්ට ලියාපදිංචි විය නොහැක. (නමුත්, පෙර ගෙවුම් (කාඩ් සිම්) ලියාපදිංචිය කළ හැකියි.)

[භාවිතා කරන අංකයම වෙනත් සමාගමකට මාරු කිරීම]

- මෙය ඔබ භාවිතා කරන අංකය සමඟ දුරකථන සමාගම පමණක් වෙනස් කිරීමේ අවස්ථාවකි.
- අංක 011, 016, 017, 018, සහ 019 භාවිතා කරන පාරිභෝගිකයින් අංක ගෙන යාමේදී 010 ලෙස වෙනස් කරනු ලැබේ. (ඔබ දැනට පවතින 010 අංකය භාවිතා කරන්නේ නම්, ඔබට එය එලෙසම භාවිතා කළ හැක)
- වෙනත් දුරකථන සමාගම්වල නොගෙවූ බිල්පත් ඇති පාරිභෝගිකයින්ට ලියාපදිංචි විය නොහැක.(හිඟ මුදල් සියල්ල ගෙවා අවසන් කරන්නේ නම්,ලියාපදිංචි විය හැක.) - අංකය වෙනත් සමාගමකට මාරු කළ හැකි වන්නේ, අලුත් අංකයක් ලියාපදිංචි කිරීමෙන් (හෝ අංකය ගුවන් ගමන් බලපත්‍රයෙන් හැඳුනුම් පතට ලියාපදිංචිය වෙනස් කිරීමෙන්) මාස 3 කට පසුව පමණි.
- දැනටමත් අවලංගු කර ඇති අංක වෙනත් සමාගමකට මාරු කළ නොහැක.
- iPhone සඳහා, වෙනත් සමාගමකට මාරු කිරීමේදී සත්‍යාපනය තහවුරු කිරීමේ තීරයේ ජංගම දුරකථනයේ සීරියල් අංකය (일련번호 ) හැර අනෙකුත් කරුණු සටහන් කරන්න. (අංක පමණක් ඇතුළත් කළ හැක)

[දුරකථන]

- LG U+ සඳහා: මුලින්ම LG U+ හරහා ලියාපදිංචිත LTE ජංගම දුරකථන
- SKT/KT සඳහා: බහු දුරකථන සමාගම් සහාය ජංගම දුරකථන
(2014 ජුලි මාසයෙන් පසුව නිකුත් කරන ලද දුරකථන: LG Akaphone/ Samsung Galaxy Note 4, Galaxy S6 ට පසු නිෂ්පාදිත)

* ලියාපදිංචි කළ නොහැකි දුරකථන : නැතිවූ, සොරකම් කළ, කුලියට ගත්, තාවකාලිකව අත්හිටුවන ලද දුරකථන
  • මාසික ₩38,300
  • මාසික ₩29,900

language select layerpopup close

විමසීම් සඳහා වේලාව
(ඔබගේ දුරකථන අංකය ඇතුළත් කිරීමෙන් ශ්‍රීලාංකික නියෝජිතයෙක් විසින් ඔබව අමතනු ලැබේ. පහසුවෙන් අප සේවාව ලබාගන්න.) language select layerpopup close
  • සම්පූර්ණ විස්තරය